Guest Post : විවාහය යනු ලිංගික හිංසනයට නීත්‍යනුකූල බලපත‍්‍රයක් ද?

චන්දිමා ජයසේන

කථිකාචාර්ය,
සමාජීය විද්‍යා අධ්‍යන්‍යාංශය,
සමාජීය විද්‍යා හා භාෂා පීඨය,
සබරගමුව විශ්වවිද්‍යාලය.

ජීවිතේ කියන්නේ හරීම සුන්දරයි. විවාහය කියන්නේ ඊටත් වඩා සුන්දරයි. දෙන්නෙක් වසර ගණනක් ආදරය කරලා විවාහ වුණාම හැමෝම හිතන්නේත්‍වත්‍ව ඒ දෙන්නා නම් හරීම අවබෝධයෙන් ඉන්නේග දෙන්නාට දෙන්නා හොදට ගැළපෙනවා. හැබැයි මේ විවාහය බාහිරට නොපෙනන ගොඩාක් දේවල් ඇතුළේ හැංගිලා තියනවා කිව්වොත් බොරු නොවෙයි. ගැහැණු මිනිස්සුන්ගේ ජීවිත බාහිරෙන් බලලා තීරණය කරන එක මොනතරම් මෝඩකමක් ද කියලා ඔයාලාට වැටෙහෙන්නේ මෙන්න මේ අත්දැකීමත් එක්ක විවාහය තුළ තිබෙන හිංසනය මොනතරම් අනෙක් කෙනාගේ ජීවිතයට හානිකරනවාද කියන එක අවබෝධය කරගත්තාට පස්සේ. “ආදරය පෑල දොරොන් යන්නේ මුදල් නැතිකම” නිසාම නෙවෙයි ඒකට බලපාන සාධක ගොඩාක් තියනවානේද කියන එක සුමයියාගේ ජීවන අත්දැකීමක් එක්ක විමසා බලමු.

මට අවුරුදු 26 විවාහකයිග අවුරුදු හතක ආදර සම්බන්ධතාවයකින් විවාහ වුණේග ආදරය කරලා විවාහ වෙලා ගැහැණියක් විදිහට ජීවිතය පටන් ගන්න මමත් හරි ආසාවෙන් බලාපොරොත්තු දල්වාගෙන විවාහ ජීවිතයට ඇතුල්වුණේ. ඒත් ඒක හීනයක් විතරයි. ඒකට හේතු ගොඩාක් තියනවා. “විවාහය කියන්නේ ලිංගික හිංසනයට නීත්‍යනූකූලව ලබාදෙන බලපත‍්‍රයක් කියලා” මම අහලා තියනවා. අනේ ඇත්තටමඑ ් දෙය මට සත්‍යයක් වුණාග ඔයාලා පිළිගන්නේ නැහැ. මම මෙහෙම කිව්වොත් තවම මම හිතෙන් කන්‍යාවියක් කියලා. මම එහෙම කියන්නේ මම විවාහ වූණ දවසේ ඉදලා අද වෙනකම් මම තෘප්තිමත් ජීවිතයක් ගතකරලා නැහැ. 
මගේ සැමියා (අවුරුදු 32යි* වැඩ කරන්නේ කොළඹ ප‍්‍රසිද්ධ ජායාරූප ආයතනයක කාර්මිකයෙක් විදිහට වැඩ කරනවා. එක පුතෙක් ඉන්නවා. එයාට අවුරුදු තුනයි. ආදරය කරද්දි හිතුවේ නැහැ මෙච්චර නරුමයෙක් ද කියලාග ඇත්තටම කිව්වොත් ඔහු විකෘති ලිංගික රුචිකත්වයක් තියන මනුෂ්‍යයෙක්. මට මධුසමයක්වත් තිබුනේ නැහැ. ඒකයි මම කියන්නේ කන්‍යවියක් කියලාග මම කවදාවත් තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගතකරලා නැහැ. විවාහ වුණ දවසේ ඉදලා ඔහුගේ අවශ්‍යතා ඉටුකරගන්නේ මගේ අත්දෙකයි කකුල් දෙකයි ඇද වියනේ බැදලා. රාතී‍්‍රය කියන්නේ මගේ මරණය කිව්වොත් හරි. මගේ දරුවා ඉපදිලා මැහුම් කපන්නත් කලින් මට මේ අත්දැකීමට මුහුණ දෙන්න සිදුවුණා. ඒකයි මම කියන්නේ මම විවාහ වුනේ නරුමයෙක් එක්ක කියලාග අපිට මේවා ආදරය කරන කාලෙදි හදුනගන්න බැහැ.

විවාහය තුළ තියන ලිංගික හිංසනයේ දරුණු පීඩාකාරී ස්වරූපය කාන්තාවක්වීමල කාන්තා ශරීරයක් හිමිවීම නිසා විදින පීඩාව ලඝුවෙන් සිතිය නොහැක. විශේෂයෙන් සුමයියාගේ ජීවිත අත්දැකීම ගත්විට විවාහය තුළ සිදුවන කාන්තාවන්ට එරෙහි හිංසනය මනාව නිරූපණය කරනවා. ඇය දක්වන ආකාරයටම විවාහය යනු ලිංගික හිංසනයට නීත්‍යනුකූල බලපත‍්‍රයක් වෙනවා. එය ප‍්‍රසිද්ධියේ සාකච්ජාවට භාජනය නොවුනාට සංස්කෘතිය සදාචාරය මුවාවෙන් සැගවු සත්‍යයක් මෙය කායික මෙන්ම මානසික හිංසනය ලෙසද සාකච්ජා කළහැකියි. මෙම ප‍්‍රත්‍යෙකය (case study) මම ගත්තේ ගබ්සාව සම්බන්ධයෙන් ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ කළ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් විදිහට. මෙයින් පෙනෙන සුවිශේෂත්වය තමයි විවාහය තුල තිබෙන ලිංගික හිංසනය පොදු සාධකයක්ග විශේෂයෙන් ලිංගික කෘත්‍යය තුළ කාන්තාවට කේවල කිරීමේ හැකියාව (bargaining power) නොමැතිකම, කාන්තාව හුදු ලිංගික භාණ්ඩයක්වීම සහ මේ තුළ ජීවි ශරීරයක් පිළිබද පැහැදිලි අවබෝධයක් නොමැතිකම යන කාරණා හේතුකොට ගෙන ස්තී‍්‍රය තවදුරටත් ආන්තීකරණයට ලක්වීමයි. ශී‍්‍ර ලංකාව වැනි රටවල ගෘහස්ථ හිංසනයට එරෙහි කෙතරම් නීති පැනවුද දික්කසාදයකට හෝ නීතියේ පිළිසරණකට නොයන්නේ පවතින සංස්කෘතිය පුරුෂාධිපත්‍යයේ නිෂ්පාදයක් නිසාම නොවේද ?

සංවාදය විවෘතයි.

3 thoughts on “Guest Post : විවාහය යනු ලිංගික හිංසනයට නීත්‍යනුකූල බලපත‍්‍රයක් ද?

  1. Painful experience for this lady but S&M do exist in srilankan society; without much publicity.She should discuss with her husband.

  2. The main point emphosises here, that lossing of bargaing power for women in sexual realtionship and put her self for violence in marrraige. Numbers of Sri Lankan women keep theri silence longly due in the postition of economic dependency and vulnerablity. if women has economic power, mean certian occupation in particulr comfortable circumstance, she can develop her bargaing power not only in inter-course or in all domestic activites. Other point that, with out her consent, if any male force her in sexuality, it referes as a harressement.

  3. මට හිතෙන විදිහට මේ ප්‍රශ්නවලට මුල විවාහය කියන්නේ ලිංගික ජීවිතය පමනයි කියලා පටලවා ගැනීම

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s