2014 වසර සඳහා නිර්මාන කැඳවීම්

‘‘ස්ත‍්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තුරන් කිරීම සඳහා එක්ව පෙනීසිටිමු”

sinhala banner with text

සෑම වසරකම නොවැම්බර් මස 25 වන දින සිට දෙසැම්බර් මස 10 වන දින දක්වා කාලය ලෝක ප‍්‍රජාව ස්ත‍්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තුරන් කිරීම වෙනුවෙන් එක්ව පෙනී සිටී. මෙයට බලපාන ලද මූලික කරුණ වන්නෙ කාන්තාවන් සහ පිරිම්න් ගේ ජීවිත වලට බරපතල ලෙස හානී සිදුකරන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් ලොව පුරා අතිවිශාල සංඛ්‍යාවක් සිදුවුවත් එම සිද්ධීන් නොසලකා හැරීම තුළ ඒ හා සම්බන්ධ අපරාධකරුවන් කිසිම දඬුවමක් නොලබා නිදැල්ලේ හැසිරෙන සංස්කෘතියක් ලොව තුළ නිර්මාණය වී තිබීමයිි.

ශී‍්‍ර ලංකාවේ ස්ත‍්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තුරන් කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති සංසදයේ සමාජිකයින් මෙම දින 16 මුඵුල්ලේ දිවයින පුරා එවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට එරෙහිව නොයෙකුත් ක‍්‍රියාකාරකම් සංවිධානය කොට ඇත.

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය එයට දායක වීම Sri Lanka 16 days නම්න් අන්තර්ජාලය තුළ වෙබ් පිටුවක් නිර්මාණය කොට ඇති අතර ඒ සදහා දායකත්වය දක්වන ලෙස ඔබට ආරාධානා කෙරේ. ඔබේ සංකල්පනාවන්, අත්දැකීම් සහ මෙම සැමරුම විවිධ පාර්ශවයන් විසින් රටතුළ සිදුකරන ක‍්‍රියාකාරකම් පිළිබද තොරතුරු අපවෙත දැනුම් දෙන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටින අතර ඒ සියඵු නිර්මාන අපගේ වෙබ් පිටුවෙහි පළකිරීමට අපි බලාපොරොත්තු වෙමු.

ස්ත‍්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්වීම පිළිබද සමාජය දැනුවත් කළ හැකි හෝ ඒ පිළිබද විවෘත සංවාදයක් සමාජය තුළ ඇති කළහැකි ආකාරයේ නිර්මානශීලි නිර්මාන ලිපි, ඡුායාරූප, රචනා, කෙටි චිත‍්‍රපට, සම්මුඛ සාකච්ඡුා, කාටූන්, වාර්තාමය චිත‍්‍රපට ඔබට ඉදිරිපත් කළ හැකි අතර ඔබේ නිර්මාණ සිංහල, දෙමළ හෝ ඉංග‍්‍රීසි යන ඕනෑම මාධ්‍යයකින් අප වෙත එවිය හැක .

ඔබට වෙබ් අඩවියක් , බ්ලොග් පිටුවක්, ට්විටර් හෝ පේස් බුක් ගිනුමක් වේ නම් ඔබේ ලිපි, ඡුායාරූප සහ අනෙකුත් නිර්මාණයන් හෝ විඩියෝපට එහි ඇතුලත් කළ හැකි අතර එය #16days or #sl16days යන හැදුනුම් සංකේත සමග ඇතුලත් කරන මෙන් ඉල්ලා සිටිම්. ඔබට එවැනි වෙබ් අඩවියක් නොවේ නම් ඔබේ නිර්මාණ අප වෙත එවන ලෙස ඉල්ලා සිටින අතර එය ඔබ වෙනුවෙන් අප අපගේ බ්ලොග් පිටුවෙහි පළකරනු ඇත . ඔබ කුමන ක‍්‍රමවේදයක් අනුගමනය කළත් ඔබ විසින් ඉදිරිපත් කරන නිර්මාණ wmcsrilanka@gmail.com විද්ය්‍යුත් ලිපිනය ඔස්සේ ”ශ‍්‍රී ලංකා දින 16 යේ ක‍්‍රියාමලාව” යන මාතෘකාව නම්න් අපවෙත එවන ලෙස ඉල්ලා සිටිමු.

මෙවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හේතුකොට ගෙන දිනපතා ලොවපුරා සිදුවන මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධව ලෝක අවධානය ගැනීමට හෝ හඩක් නැගීමට මෙය තරම් තවත් අවස්ථාවක් අපට උදානොවන බව අපි විශ්වාස කරමු. විශේෂයෙන්ම කාන්තාවන් ඔවුන් ගේ ජීවිත වලට අදාල කටයුතු කරගෙන යාමේදී එනම් මහා පාරේදී, නිවසේදී හෝ වැඩකරන ස්ථානයේදී ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩවන ආකාරයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා දිගින් දිගටම අත්වීදීමට සිදුවන බව අපි දනිමු.

අවබෝධය වැඩි කිරීම තුළිින් මෙවැනි ගැටුම් තුරන් කිරීම සදහා අපි එක්ව වැඩකරමු. ඔබෙන් ලැබෙන සහයෝගය තූළ මේ පිළිබද හඩක් නැගීමට අපි බලාපොරොත්තු වන අතර ඒ සදහා හඩක් නැගීමට අපි ඔබව ධෛර්්‍යයමත් කරමු .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s