දින 16 සැමරීමට ACT ශ‍්‍රී ලංකා රංගපීඨය වෙතින් වේදිකා නාට්‍යයක්

කාන්තාවට එරෙහිව සිදුකරන සියඵම ආකාරයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තුරන් කිරීමේ අවශ්‍යතාවය තහවුරු කරමින් ලෝක ප‍්‍රජාව, තනි පුද්ගලයින් මෙන්ම කණ්ඩායම් ලෙස නොවැම්බර් 25 වෙනි දා, දින 16 යේ ක‍්‍රියාමලාවට අවතීර්න විය.

දැනට ඉදිරිපත්ව ඇති සාධකවලට අනුව පෙනී යන්නෙ ශ‍්‍රී ලංකාව තුළ ස්ත‍්‍රී පුර්ෂ සමාජභාවය හේතු කොට සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඉතා විශාල ලෙස සිදුවෙමින් පවතන බවයිි. තරුණ කාන්තාවන් සහ ගැහැනු ළමයින් මෙවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට ගොදුරු වීමේ අවධානම වැඩි අතර, සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන් 1 අයෙකුම වයස අවුරුදු 18 ළගාවන විට කුමන හෝ ආකාරයේ ලිංගික අපචාර ක‍්‍රියාවකට ගොදුරුවී ඇත . මෙවැනි සිද්ධීන් බහුල ලෙස වාර්තාවන ප‍්‍රදේශයක් ලෙස අනුරාධපුර නගරය හැදින්විය හැකි අතර 2013 වසරේ ඉදිරිපත්ව ඇති දත්ත සහ සංඛ්‍යා ලේඛන වලට අනුව එවැනි සිද්ධින් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තෙ ද අනුරාධපුර නගරයෙනි. මෙම වසරේ දත්ත සහ සංඛ්‍යා ලෙඛන වලට අනුව ඒ සම්බන්ධව අනුරාධපුර නගරයට හිමිව ඇත්තෙ දෙවන ස්ථානයයි.

දින 16 යේ ක‍්‍රියාමලාවට අවතීර්ණවෙමින් ACT රංගපීඨය ‘‘ස්ත‍්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සහ ස්වේච්ඡුා සේවය” යන තේමාව අලලා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මැදවච්චියේ දී, නොවැම්බර් මස 25 වන දින, රගදැක්වු නාට්‍යයේ මූලික අරමුණ ප‍්‍රජාව, විශේෂයෙන්ම වැඩිහිටි පිරිමි සහ පිරිමි ළමයි මෙම සමාජ ගැටඵව සම්බන්ධව දැනුවත්භාවයක් ඇති කිරිමයි.

ස්ත‍්‍රී පුර්ෂ සමාජභාවය හේතු කොට සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට එරෙහිව UNFPA සංවිධානයේ මූලිකත්වය මත පිහිටුවා ඇති ජාතික සංසදය මෙම සමාජ ගැටඵවට විසදුම් සෙවීමේදී ප‍්‍රමුඛත්වය ගෙන ඇති අතර මෙහිදී විශේෂයෙන්ම ඒ ආශ‍්‍රීතව පැනනැගී ඇති ගැටඵ විසදීම සදහා පෙනී සිටීමට නායකත්වය ගෙන ඇත .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s