සර්වෝදය කුළඟන සංසදය, ස්තී‍්‍ර ප‍්‍රචන්ඩත්වයට එරෙහිව හඬ නගයි !

ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහි සංසදය (GBV Forum) සමඟ එක්ව සර්වෝදය කුළඟන සංසදය විසින් ‘‘ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වට එරෙහිව, සාමය ගොඩනැගීම, සමාජ – ආර්ථික හා දේශපාලන වගවීම්’’ යන තේමාව යටතේ සංවාදශීලී සාකච්ජාවක් 2014 නොවැම්බර් 27 දින බොරැුල්ල – නගරෝදය මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ ජනගහණ සංවර්ධන අරමුදලේ (UNFPA) අනුග‍්‍රහය ඇතිව සර්වෝදය – කුළඟන සංසදයේ සභාපතිනි විමලා රණතුංග මහත්මියගේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහනේ දී විවිධ විද්වතුන් අදහස් දැක්වීය.

එහි දී,

‘ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය’ පිළිබද ජාතික කාන්තා කමිටුවේ හිටපු සභාපතිනි ආචාර්ය නීලා ගුණසේකර, ‘ගෘහස්ථ හිංසනය හා සෞඛ්‍යය’ යන මාතෘකාව යටතේ විශේෂඥ වෛද්‍ය ලක්‍ෂමන් සේනානායක, ‘ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහි සාමය ගොඩනැගීම-සමාජ, ආර්ථික, දේශපාලනික වගකීම් හා කාර්යභාරයන්’ පිළිබඳ ජාතික කාන්තා කමිටුවේ සභාපතිනි – ස්වර්ණා සුමනසේකර, ‘නව තාක්‍ෂණය හා ළමයා’ පිළිබද කළුතර – පොලිස් පුහුණු විද්‍යාලයේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක බුද්ධික ප‍්‍රසාද් බාලචන්ද්‍රන්, ‘නීතියෙන් ඔබ්බට යන මිනිස් සිත’ පිළිබඳ සර්වෝද කුළඟන සංසදයේ උප සභාපතිනි නීතිඥ නිලානි මන්ති‍්‍රනායක යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.

එහිදී පහත දැක්වෙන කාරණා පිළිබඳව අවධානය යොමු කෙරිණි:

  • ප‍්‍රචණ්ඩත්වය, කාණ්ඩ දෙකක් එනම් පුද්ගලයො දෙන්නෙක්, කොමියුනිටීස් දෙකක්, වැනි දෙගොල්ලක් අතර ඇතිවන සිද්ධියක් බවත්, මෙයින් එක් කාණ්ඩයක් බලවත්වීම නිසාත්, 2014_11_27_5578අනෙක් කාණ්ඩය බලයෙන් අඩුවීම නිසාත් ප‍්‍රචණ්ඩත්වය සිදුවෙන බව.
  • ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය ගැන කතා කරන කොට පීතෘ මූලික සමාජයක අනිසි බලපෑම් වැඩි වශයෙන්  එනම් 90% ක්ම ස්තී‍්‍රන්ට එරෙහිව සිද්ධවන නිසා
  • ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරපු දත්ත අනුව සෑම පුද්ගලයන් 3 දෙනෙක්ගෙන් එක් කෙනෙක්ම ගෘහස්ථ හිංසනයට, දුෂණයට නැත්නම් එම කාරණා දෙකෙන් එකකට ලක්වෙන බව.
  • හිංසනයට පත්වන කාණ්ඩය දෙගුණයක් මානසික පීඩාවට පත්වෙන බව.
  • සැමියන් අතින් හිංසනය නිසා මරණයට පත්වන ස්තී‍්‍රන් ප‍්‍රමාණය වැඩියි එය 38%ක් බවත්,  බිරිඳ අතින් සැමියන් මරණයට පත්වන අවස්ථාවන් 8% ක් බව.
  • ප‍්‍රචන්ඩත්වය හැම තිස්සේම අපේ සම්බන්ධතාවයන් තුළ. විශේෂයෙන් පවුල තුළ දෘශ්‍යමාන වන කාරණයක් බව, සෑහෙන කොටසක් දෙමව්පියො ළමයින්ට පහර දීම වැනි කි‍්‍රයාවන් සිදු කරන බවත්, සමාජයේ එම ප‍්‍රචන්ඩත්වයට තැනක් දී තියන බව.
  • ප‍්‍රචණ්ඩත්වය ගැන කතා කරනවනම්,  අපි  පිළිගත යුතුයි, එකඟතාවයකට ආ යුතුයි,  ප‍්‍රචණ්ඩත්වය කියන එකට මොනව තැනකවත්, මොනම විදියකටවත් එකඟවිය නොහැකිබව, අනුමත කළ නොහැකි බව.
  • අවුරුදු 100 ට පස්සෙ 1995 අංක 22 දරණ දණ්ඩනීති සංග‍්‍රහයට සංශෝධනයක් ගේනවා කාන්තාවන්ට හා ළමයින්ට සිදුවන හිංසනයන් සම්බන්ධව දඩුවම වැඩි කළත් අපරාධවල අඩුවීමක් සිදුව නැති බව සහ අපරාධවල වැඩිවීමක් සිදුව ඇති බව.
  • ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචන්ඩත්වය අවම කිරීම සඳහා නීති රීතිවලින් පමණක් කළ නොහැකි බව. එයින් ඔබ්බට ගිය මිනිස් සිත සංවර්ධනය කිරීමේ කි‍්‍රයාවලියක් අවශ්‍ය බව.
  • නව මාධ්‍ය භාවිතය තුළ විශේෂයෙන් ළමයින් ප‍්‍රචණ්ඩත්වයට, හිංසනයට, අපයෝජනයට ලක්වෙන බව.
  • පැරණි ගීත, නාට්‍ය හරහා ලැබූ රස වින්දනය කිසිවකුට හානියක් නොවූ බවත්, නව මිනිසකු බිහි කිරීමට උපයෝගී වූ බවත්, එවැනි සංස්කෘතියක් ගොඩනගා ගැනීම සඳහා නව ආකාරයේ රසවින්දනාත්මක සංස්කෘතික වැඩසටහනක් අවශ්‍ය බව.

යන කාරණා අදහස් දැක්වීම්වලදී අවධාරණය කෙරිණි.

සම්පත්දායකයන්ගේ අදහස් දැක්වීමෙන් අනතුරුව එම සාකච්ජා පදනම් කරගනිමින් මණ්ඩප සාකච්ජාව ආරම්භ කෙරිණි.

එහදී අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු පර්යේෂණ අධ්‍යක්‍ෂිකා අමරා ත්‍ෂීෘ ආයතනයේ අධ්‍යක්‍ෂිකා සමිතා සුගතමාලා, ජාතික පෝෂණ ඒකකයේ මාධ්‍යවේදිනී අචිනි වීරසිංහ යන මහත්මීන් අදහස් දැක්වීමක් කෙරිණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පර්යේෂණ අධ්‍යක්‍ෂිකා – අමරා පීරිස්
බන්ධනාගාරවලට, මානසික රෝහල්වලට ගොස් කරන ලද පර්යේෂණ වල අත්දැකීම් මත පාසැල් පද්ධතිය තුළ විෂය නිර්දේශයන් හැදීමට ගත් උත්සාහයන් සහ ඒවා කි‍්‍රයාත්මක කිරීමට යාමේ දී මතු වූ ගැටලූ පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කෙරිණි.

එම අත්දැකීම් පදනම් කරගෙන අද දවසේ කළ යුතු කාර්යයන් පිළිබඳවද විශේෂ අදහස් දැක්වීමක් කෙරිණි. එහි දී මතුකළ ප‍්‍රධාන කාරණයක් වූයේ පළමු වසරේ සිට ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙලක් විෂය නිර්දේශ තුළට අනිවාර්යයෙන්ම ඇතුළත් කළයුතු බවය. ළදරු පාසැල් තුළින් මෙය ආරම්භ කිරීමේ වැදගත්කමද පෙන්වා දුනි.

ඒ සඳහා සිවිල් සංවිධාන වලට පැවරී ඇති කාර්යභාරයක් කළහැකි බවද කියා සිටියා ය.

FISD ආයතනයේ අධ්‍යක්‍ෂිකා – සමිතා සුගතමාලා
බිඳ වැටී ඇති සමාජ සම්බන්ධතා ගොඩනැගීම පිණිස අලූත් පිවිසුමක් අවශ්‍යතාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.

පිරිමිකම සහ ගැහැණුකම පදනම් කරගෙන සමාජය විසින් ආරෝපිත කර ඇති භූමිකාවන් පිළිබඳ විග‍්‍රහයක් කරමින්, ඒ මත පදනම් වූ විශ්වාසයන්, පිළිගත් මතයන්, ආකල්ප වෙනස් කිරීම සඳහා ස්තී‍්‍රන්ගේ දැනුම, අවබෝධය වැඩි කරමින් සමාජ වෙනසක් නැතිනම් යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා  ස්තී‍්‍රන් සමඟ කළ කතිකාව, පිරිමින් සමඟත් කරගෙන යාම අද දවසේ ප‍්‍රමුඛ කාර්යයක් බව අවධාරණය කෙරිණි.

පිරිමිකම – ගැහැණුකම කියා රාමුගත කරල දෙපැත්තට දාල සමාජය විසින් ඇති කර තිබෙන මෙම කතිකාව පිරිමින් අතරට ගෙනයාමට අප මෙතෙක් උත්සාහයක් නොගෙනීම ද අද මතුව ඇති බොහෝ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට  එක් හේතුවක්  ලෙස ද ඇය දැක්වූවාය.

එනිසා ප‍්‍රජා නායක නායිකාවන්ගේ සහ විද්වතුන්ගේ අද දවසේ ප‍්‍රධාන කාර්යයක් ලෙස ඇය පෙන්වා දුන්නේ ස්තී‍්‍රන්ගෙන් පටන්ගත් මෙම කතිකාව පිරිමින් අතරට ගෙනයාමට යම් කතිකාවක් ආරම්භ කළයුතු බව ය.

මාධ්‍යවේදී අචිනි  වීරසිංහ – ජාතික පෝෂණ අංශය
ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම්ව  ස්තී‍්‍රන්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධව අප රටේ මාධ්‍ය කි‍්‍රයා කරන ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර කතා කළාය.
හිංසාවට ලක් වූ තැනැත්තිය ආරක්‍ෂා කර ගැනීමට ඒ වගේම ප‍්‍රචණ්ඩත්වය අවම කිරීමට කටයුතු කරනවා වෙනුවට තම වානිජ පරමාර්ථයට ඉෂ්ටකරගැනීමට මෙවැනි අවස්ථා පාවිච්චි කරන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියා ය.

එනිසා සමාජ කි‍්‍රයාකාරීන් කි‍්‍රයාකාරිනියන් හැටියට මෙවැනි අවස්ථා වලදී මාධ්‍යයට පුංචි හෝ බලපෑමක් කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා ය.

මණ්ඩප සාකච්ජාවලින් අනතුරුව පැවති පොදු සාකච්ජාවේ දී මතු වූයේ මෙවැනි වැඩපිළිවෙලවල් කතා බහකට පමණක් සීමා නොකර ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් සකස් කර ගැනීමටත්,එම වැඩපිළිවෙල ප‍්‍රාදේශීය කි‍්‍රයාකාරිත්වයේ සිට ප‍්‍රතිපත්ති සකස්කරන රාජ්‍ය ආයතන දක්වා ගෙන යාමට කටයුතු කළයුතු බව ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s