ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහි සංසදය – 2014 ප‍්‍රතිපත්තිමය බලපෑම් සඳහා වූ සංවාදය

ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව ක‍්‍රියාත්මක කරන ලද දින 16 යේ ක‍්‍රියාමලාව හුදෙක්, ඒ පිළිබඳව ගෝලීය ප‍්‍රජාව දැනුවත් කිරිමක් හෝ එවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට එරෙහිව ක‍්‍රියාත්මක විම සඳහා සහාය ලබා ගැනිමට පොදු ජනතාව ශක්තිමත් කිරීමට ගත් උත්සාහයක් පමණක් නොවන අතර, එය කාන්තාවන්ට එරෙහිව සිදුවන සියඵම ආකාරයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්විම සඳහා අවශ්‍යයෙන්ම සම්මත කරගත යුතු ක‍්‍රියාවලින් සහ ප‍්‍රතිපත්තීන් පිළිබඳව ප‍්‍රතිපත්ති සම්පාදකයින් වෙත කරන ලද සිහිකැඳවිමක් ද විය.

රාජ්‍ය නියෝජිතයන් සහ කාන්තාවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන සිවිල් සමාජ කණ්ඩායම් එක් වි ස්ත‍්‍රිපුර්ෂ සමාජභාවය පදනම් කරගෙන සිදුකරනු ලබන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් වැළැක්විම සඳහා ගත් ක‍්‍රියාමාර්ගයන්හී ප‍්‍රගතිය සමාලෝචනය කිරීම පවත්වන ලද මෙම සංවාදය දින 16 යේ ක‍්‍රියාමලාව තුළ ( නොවැම්බර් 25 – දෙසැම්බර් 10) වාර්ෂිකව සිදුකරන ප‍්‍රධාන ක‍්‍රියාකාරකමක් ලෙස හැ`දින්විය හැක. ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහි සංසදය (GBV) විසින් සංවිධානය කරන ලද මෙම සංවාදය 2014, දෙසැම්බර් 8 වෙනි දින, ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දි පවත්වන ලදි.

GBV සංසදයේ සභාපති සහ UNFPA නියෝජිත ඇලයින් සිබෙනලා විසින් පැමිණි සිටි පිරිස පිළිගැනීමේන් අනතුරුව සංවාදයේ වැඩ කටයුතු ආරම්භ කෙරින. ආරම්භක සටහන සහ වැඩසටහන පිළිබඳ හදුන්වාදීම අනුපිළිවෙළින් ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යංශයේ ලේකම්, එරික් ඉලෙයප්පආරච්චි මහතා සහ කෙයාර් ශ‍්‍රී ලංකා ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂිකා, අශිකා ගුණසේන මහත්මිය විසින් සිදුකරන ලදි .

2011-2016, ජාතික මානව අයිතිවාසිකම් ක‍්‍රියාකාරී සැලැස්ම කෙරෙහි අවධානය යොමු කරමින් ප‍්‍රතිපත්තිමය බලපෑම් සඳහා වූ සංවාදය ආරම්භ වූ අතර එහිදී විශේෂයෙන්ම, පොලිස් කාන්තා සහ ළමා ඒකක ශක්තිමත් කිරීම, ගෘහස්ථ හිංසනය පිටු දැකීමේ පනත ක‍්‍රියාත්මක කිරීම, සේවා ස්ථානයන්හි සිදුවන ලිංගික හිංසන වැළැක්විම, අයාල අඥා පනත ඇගයිමකට ලක්කිරිම සහ යුධ ගැටුම් වලදී කාන්තාවන්ට අවශ්‍ය රැකවරනය ලබා දීම යන කාන්තාවන්ගේ අයිතිවාසිකම් යටතට අයත්වන ප‍්‍රධාන අංශ 5 හි වැදගත් කම පිළිබඳ අවධානය යොමුකරන ලදී . 2012 වසර සඳහා පවත්වන ලද ප‍්‍රතිපත්තිමය බලපෑම් සඳහා වූ සංවාදයේ දී මෙම අංශ පහ පිළිබඳව සාකච්ඡුාවට ලක් වූ අතර 2013 වසරේ දි මින් අංශ 3 ක්, එනම් පොලිස් කාන්තා සහ ළමා ඒකක ශක්තිමත් කිරීම, ගෘහස්ථ හිංසනය පිටු දැකීමේ පනත ක‍්‍රියාත්මක කිරීම සහ යුධ ගැටුම් වලදී කාන්තාවන්ට අවශ්‍ය රැකවරනය ලබා දීම යන අංශයන්හි ප‍්‍රගතිය පිළිබඳව සමාලෝචනය කරන ලදී.

2014 වසරේදි, GBV සංසදය විසින් මෙසේ ප‍්‍රමුඛතා ගතකරන ලද අංශයන්හි ප‍්‍රගතිය හදුනාගත් අතර ඒ එක් එක් අංශයන්හි පවත්නා සියඵම ගැටඵ ආමන්ත‍්‍රණය කිරීමට නම් තවත් බොහෝ දේ කිරීමට ඉතිරිව ඇතැයි යන්න කෙරෙහි ද අවධාරනය යොමු කෙරුනි.

ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට ගොදුරුවන වින්දිතයන්ට සහන සැලසීමේ අරමුණින් එම වින්දිතයන් අදාල තැන්වලට නිර්දේශ කිරීමේ ක‍්‍රියාවලිය පිළිබඳ පැහැදිළි අර්ථ දැක්විමක්, UNDP සංවිධානයේ ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය සහ කාන්තාව බලාත්මක කිරීමේ (SELAJSI) වැඩසටහනේ තාක්ෂණික සම්බන්ධීකාරක, බිමාලි අමරසේකර මහත්මිය විසින් සිදුකරන ලදි. කාන්තාවන්ට සහ ළමයින් සඳහා වු මෙම නිර්දේශන ක‍්‍රියාවලිය, වාර්තාකරණය , නියාමනය සහ ඇගයිම යන අංගයන් ඇතුලත් ඉතාමත් හොඳ යාන්ත‍්‍රණයක් බව ඇය පෙන්වා දුන්නාය.

ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්යන්හී පොලිස් කාන්තා සහ ළමා ඒකක මේ වනවිටත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට ගොදුරුවි වින්දිතයන් බවට පත් වු කාන්තාවන් සඳහා ඉතා ශක්තිමත් නිර්දේශ කිරීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කොට ඇත .මාතර දිස්ත‍්‍රික්කයේ පොලිස් කාන්තා සහ ළමා ඒකකයේ, සේවයේ නියුතු වැරුනි බෝගහවත්ත මහත්මිය පැවසුවේ වින්දිතයන් විශාල ප‍්‍රමාණයක් පිළිසරණ පතා මෙම නිවහනට පැමිණෙන බවයි.

“අපි වතුකරයේ ප‍්‍රජාව එක්කත් වැඩ කරනවා මොකද අපිත් එක්ක දෙමළ භාෂාව හොදින් හසුරවන්න පුඵවන් නිලධාරි මහත්තයෙක් වැඩකරනවා” 2013 වසරේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ ආරම්භ කළ ඒකකයේ ප‍්‍රගතිය ගැන සිහිපත් කරමින් ඉන්ස්කේටර් කාංචනා මැපිදිගම පැවසුවාය. GBV රෝහල් ඒකකය වන “මිතුරු පියස” මෙම වසර තුළදි සිද්ධීන් 700 ක් සඳහා මැදිහත් වි ඇති අතර ඉන් 90 ක් ස්ත‍්‍රිපුරුෂ සමාජභාවය පදනම් කරගෙන සිදුකරනු ලැබූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට දායකවු, උපකාර සොයා යන අපරාධකරුවන්ය. උපදේශනය, වෛද්‍ය සේවාවන් සහ සමාජීය උපකාර ඔවුන් භාවිතා කරන නිර්දේශ කිරීමේ ආකෘතිය තුළ ඔවුන් ලබා දෙන සේවාවන් කිහිපයක් බව මිතුරු පියසේ නියෝජිතවරියක වන වෛද්‍ය සමනළී මහත්මිය පැවසුවාය .

2013 වසරේ පැවැත්වූ ප‍්‍රතිපත්තිමය බලපෑම් සඳහා වූ සංවාදයේ සිට මේ දක්වා සිදුකරන ලද ක‍්‍රියාකාරකම් හී ප‍්‍රගතිය ගැන අදහස් දක්වමින් ළමා සංවරධන සහ කාන්තා කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්, අශෝක අලවත්ත මහතා පැවසුවේ ලංකාව පුරා ක‍්‍රියාත්මක වන ආකාරයට සුදුසු ස්ථානයන්හී බහු විධ සේව යාන්ත‍්‍රණයක් ඇතුලත් පොලිස් කාන්තා සහ ළමා ඒකක 331 ක් පිහිටුවා ඇති බවයි. මේ හරහා පොලිස් නිලධාරීන්හට ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවෙන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබඳ ධාරිතාවර්ධන වැඩමුඵ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුඵව “මිලියන 700 වැඩසටහන” යටතේ ක‍්‍රියාකාරකම් රාශියක් ද මේ වෙනකොට සිදුකර ඇති බව ඒ මහතා පැවසුවාය.

කාන්තා සහ ළමා කාර්යාංශයේ ජයසූරිය මහත්මිය පැවසුවේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධ සිදිධීන් විසදීම සඳහා මැදිහත්වන්නේ පොලිස් නිලධාරීනියන් පමණක් වන බවයි. භාෂමය ප‍්‍රශ්නයක් තිබෙන නමුත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධව එන පැමිණිළි විභාග කිරිම සඳහා සමස්ත පොලිස් දෙපාර්තුමේන්තුවම සුදානමින් සිටින බවද ඇය පැවසුවාය.

“අපේ වගකිමක් තමයි වරද කරුවන්ට එරෙහිව ඉදිරිපත් වෙලා තියන පැමිණිල්ල ඉදිරියට ගෙන යන එක. නමුත් ඒක අපිට තනියම කරන්න බෑ අපිට අනිකුත් පාර්ශවයන් ගේ සහයෝගය අවශ්‍ය වෙනවා ”

තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් ජයසූරිය මහත්මිය පැවසුවේ ගෘහස්ථ හිංසනය පිළිබඳ පනත 2005 වසරේ සිට ක‍්‍රියාත්මක කිරීම ආරම්භ වූ දා සිට එවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධව පැමිණිලි රාශීයක් වාර්තා වි ඇති බවයි.

GBV සංසදය විසින් අනෙකුත් ආයතන හා එක්ව සහයෝගයෙන් සිදුකරන ලද ක‍්‍රියාකාරකම් අතර දැනට සිදුවෙමින් පවතින එක් ක‍්‍රියාකාරකමක් වනුයේ ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය පදනම් කරගෙන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට ගොදුරුවන වින්දිතයන්ට සහාය විම සදහා දැනට පවතින සේවාවන් පිළිබද සිතියම් ගතකිරිමක් ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යාල සහ දිස්ත‍්‍රික් මට්ටමින් සිදුකිරීමයි. මෙවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට ගොදුරුවූ වින්දිතයන්ට උදව් උපකාර කරන කාන්තා සංවර්ධන නිලධාරීන්ට, ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යාල මට්ටමින් සහ දිස්ත‍්‍රික් මට්ටමින් ලබා ගත හැකි සම්පිණ්ඩනය සහ යාවත්කාලීන කරන ලද තොතුරු වල ඇති හිගයට මෙය හොද විසදුමක් බවද චූලානන්දි මහත්මිය පැවසූවාය.

මෙම සිතියම්ගත කිරිමෙන් සංසදය බලාපොරොත්තුවනුයේ මේ සම්බන්ධව ක‍්‍රියාත්මකවන නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරිම, වින්දිතයන්ට උපකාරිවන අකාරයට දැනට පවත්නා සේවාවන් ඇතුලත්කොට පුඵල් පරිගණක දත්ත ගබඩාවක් නිර්මානය කිරිම සහ වින්දිතයන්ට පරිශීලනය කළ හැකි ආකාරයට කාලීන සහ ගුණාත්මක සේවාවන් ශක්තිමත් කිරිමත්ය. මීට අමතරව උතුරු සහ නැගෙනහිර පළාත්වල සිටින වින්දිතයන් මුහුණ දෙන ගැටඵ ආමන්ත‍්‍රණය කිරිම සදහා මේවන විට ශ‍්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් පොලිස් ස්ථානයන්හි ආරම්භ කර ඇති ඒකකයන්හි භාෂාව භාවිතා කිරීම පිළිබද සිතියම්ගත කිරීමක් කෙරෙහි වැඩි අවධානය යොමු කොට ඇත.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය පදනම් කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් සදහා මැදිහත් විමට කාන්තා පොලිස් නිලධාරින් ගේ අඩුවක් ඇතිබව මේ වනවිට හදුනා ගෙන ඇත. දැනට පවතින භාෂාමය ගැටඵ හේතු කොට ගෙන උසාවියේ දී පමණක් නොව එවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබද පොලිසියට ගොස් පැමිණිලි කිරිමේදී ද වින්දිතයන්හට විශ්වාසනියත්වය අහිමි කරන ආකාරයේ නොයෙකුත් ගැට`ඵවලට මුහුන දිමට සිදුව ඇත. මෙම ප‍්‍රතිපත්ති සංවාදයේ දි භාෂාමය සිතියම්කරනය පිළිබද අදහස් දක්වමින් FOKUS කාන්තා සංවිධානයේ නියෝජිතවරියක වන රනිතා ඥානරාජ් මහත්මිය පැවසුවේ පශ්චාත් යුධ වාතාවරණයක් පවතින ප‍්‍රදේශයන්හී කාන්තාවන් ගේ ආරක්ෂාව සුරක්ෂිත වන ආකාරයට හිතකර සහ සතුටුදායක පරිසරයක් ගොඩනැගිය යුතුය යන්නය. ඔවුන්ට සාධාරණත්වය සොයා යාහැකි එකම ස්ථානය පොලිස් ඒකක බැවින් ඒ සෑම ඒකකයක්ම සියඵ පහසුකම් වලින් සමන්විය යුතුය.

ප‍්‍රතිපත්ති සංවාදය අවසන් වූයේ OXFAM ආයතනයේ, උද්දේශනය සම්බන්ධ ජේ්‍යෂ්ඨ උපදේශිකා, සිරිනි සිරිවර්ධන මහත්මිය විසින් මෙහෙයවන ලද විවෘත සාකච්ඡුාවෙනි. සාකච්ඡුා මණ්ඩපයේ සිටි සියඵම සමාජිකයන් ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධව අප රටට ආවේණික වූ මූලික අංගයන් මෙන්ම ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට ගොදුරුවු වින්දිතයන්ට අවශ්‍ය සේවාවන් ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් ලබාදීම සහතික කිරිම සදහා තෝරාගත් ප‍්‍රදේශයන් වැඩිදියුණු කරන්නේ කෙසේ ද යන්න කෙරෙහි අවධානය යොමු කරන ලදි.

මෙම සාකච්ඡුාවෙන් මතුකර දැක්වු කරුණක් වූයේ මෙවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍ර‍්‍ර‍්‍රියාවන්ට ගොදුරුවූ වින්දිතයන් ඔවුන්ට පිහිට විම පිණිස පිිහිටුවා ඇති ආයතන පිළිබද හරියාකාර අවබෝධයක් නැති බව සහ මොවුන් මෙම ස්ථාන වලට යොමු කිරිමට ප‍්‍රජව තුළ එක්තරා ආකාරයක හැගීමක් තිබෙන බවයි. “වුමන් ඉන් නීඩි” (WIN) සංවිධානයේ සාවිත‍්‍රි ගුණසේකර මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැනි ආයතන පවත්වා ගෙන යාමේදී අත්‍යාවශ්‍ය මුලික සධකය වනුයේ රහස්‍යභාවය රැකිමයි. මෙම සෑම ආයතනයක්ම අනුගමනය කරන නීති රීති සහ නියාමන ක‍්‍රියාවලියේ සමානබව ආරක්ෂා කිරිම සදහා කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ ලියාපදිංචිවිම අනිවාර්්‍යවිය යුතුය.

GBV සංසදයේ මැදිහත් වීම හරහා ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට ගොදුරු වූ වින්දිතයන්ට සැලකිය යුතු ප‍්‍රගතියක් ලගා කර දිමට හැකිවුවත් මේ සම්බන්ධව ප‍්‍රතිපත්ති සම්පාදකයින් විසින් තවදඅරටත් ඉටුකළ යුතු වගකීම තවමත් ඉතිරිව ඇත. එම නිසා මෙම සංවාදයට අධිකරණය, අධ්‍යපනය වැනි අනිකුත් වැදගත් අංශයන් ද සම්බන්ධ කරගැනිම ඉතාමත් අවශ්‍ය බව මෙම සංවාදය මෙහෙය වූ සිරිනි සිරිවර්ධන මහත්මිය පැවසුවාය.

මෙම සංවාදය තුළ පැමිනි එකගතාවයන් සහ තීරණ පිළිබ`ද දළ සැලැස්මක් සකස් කරන අතර තෝරා ගත් ප‍්‍රධාන අංශයන් තවදුරටත් වැඩි දියුණු කිරිම සහ ඉදිරියට ගෙන යෑම ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහි සංසදය විසින් සිදුකරනු ඇත .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s