‘කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදකිමු’ – Sri Lanka Mirror

උපුටාගැනීම: Sri Lanka Mirror

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කොට ඇති නොවැම්බර් 25 දායින් අරඹන 16 දින විරෝධතා ක්‍රියාවලියක් ලෙස එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යේදී ඇති දෙසැම්බර් 10 දායින් හමාර වන මෙම ක්‍රියාවලිය ලොව පුරා කාන්තාවන්ටත් දැරියන්ටත් එරෙහි ප්‍රචන්ඩතාව පිටු දැකීම සඳහා ජනතාව යොමු කර ගැනීමේ අරමුණින් යොදා ගැනීමට අපේක්ෂා කෙරෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වු ප්‍රචණ්ඩත්වයට එරෙහිවීමේ දින 16 යේ විරෝධතා ක්‍රියාමාලිව ගෝලීය වශයෙන් සිදුවන සිද්ධින් අතර ප‍්‍රධාන ස්ථානයක් ගන්නා බවත් ස්ත‍්‍රී පුර්ෂ සමාජභාවය හේතුකොට ගෙන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් අතිවිශාල සංඛ්‍යාවක් ලොව පුරා සිදුවුවත්, එම සිද්ධීන් නොසලකා හැරීම තුළ ඒ හා සම්බන්ධ අපරාධකරුවන් කිසිම දඩුවමක් නොලැබ නිදැල්ලේ හැසිරෙන සංස්කෘතියක, පුද්ගලයන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වීම අවධාරණය කිරීම මෙම ක‍්‍රියාමාලාවේ ප‍්‍රධාන අරමුණ බව කාන්තාව හා මාධ්‍ය සාමුහිකය සංවිධානය පවසයි.

එසේම ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය හේතු කොට ගෙන රට තුළ සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ආශ‍්‍රීත ගැටලූ විසඳිම සඳහා යාන්ත‍්‍රණයක් හදුන්වා දීමද සිදු කරන බවද එම සංගමය පවසයි.

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන්න

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් යම් අකාරයකින් හඬක් නගන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින එම සංවිධානය මෙවර දින 16 යේ ක‍්‍රියාමලාවේ තේමාව ලෙස ‘යුදවාදය සහ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය අතර ඇති සම්බන්ධතාවය’ තෝරා ගෙන තිබේ.

ශ‍්‍රී ලංකාවේ පැවත්වීමට නියමිත දින 16 විරෝධතා ක‍්‍රියාමලාව වෙනුවෙන් ජනතාවගෙන් සහයෝගය ඉල්ලා සිටින එම සංවිධානය ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්වීම පිළිබඳ සමාජය දැනුවත් කළ හැකි හෝ ඒ පිළිබඳ විවෘත සංවාදයක් සමාජය තුළ ඇති කළ හැකි ආකාරයේ නිර්මාණශීලි නිර්මාන, ලිපි, ඡායාරූප, රචනා, කෙටි චිත‍්‍රපට, සම්මුඛ සාකච්ඡා, කාටූන්, වාර්තාමය චිත‍්‍රපට ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටි.

සියලු නිර්මාණ “ශ‍්‍රී ලංකා දින 16 යේ ක‍්‍රියාමලාව” (Sri Lanka 16 days campaign) යන මාතෘකාව යොදා wmcsrilanka@gmail.com යන විද්‍යූත් ලිපිනයට එවන මෙන් ඔවුහු ඉල්ලා සිටිති.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s