වැඩ කිරීමට ඇති අයිතිය : ස්ත‍්‍රීන්, පුරුෂයින් සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවී ශ‍්‍රම ඇගැයීම.

ටෙහානි ආරියරත්න, දකුණු ආසියා කාන්තා අරමුදල

ශ‍්‍රි ලංකාවේ ආර්ථිකයේ පැවැත්ම රැදී ඇත්තේ ස්ත‍්‍රීන් මත බව නොරහසකි. අඩු වැටුපට වැඩකරන සහ අනාරක්ෂිත සහ අවිධිමත් ක්ෂේත‍්‍රයන්හි රැකියාවන්හි නිරතවන ස්ත‍්‍රීන් පමණක් නොව, අතිමහත් ලෙසින් රැකබලා ගැනීමේ වැඩවල (Care Work) නිරතවෙමින් අන් අයට වැඩ කිරීම සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට දායකවන මවුවරුන්, ආත්තම්මලා, සොහොයුරියන් සහ අවිවාහක සොහොයුරියන් විසින් සිදුකරන ඉහුම්පිහුම්, පිරිසිදු කිරීම්, ළමයින් සහ වැඩිහිටියන් රැකබලා ගැනීම වැනි කටයුතු ශ‍්‍රම බලකායේ සංඛ්‍යාලේඛනයන්හි සදහන්ව ඇත්තේ ”සේ්වා වියුක්තිකයන්” ලෙසිනි. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය ශ‍්‍රම විභජනය සහ ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පදනම්කොට ගෙන සිදුවෙන වෙනස්කොට සැලකීම් අතිවිශාල ලෙස අප සමාජය තුළ දක්නට තිබේ. ගැහැනිය ජීවවිද්‍යාත්මකව වඩාත් සුදුසු වන්නේ දරුවන් හදාවඩා ගැනීමට ය, එසේත් නැතිනම් ඇය වඩාත් දක්ෂ වන්නේ ගෘහයේ කටයුතුවලට සහ ගෘහස්ථ මූල්‍ය කළමණාකරණයට ය යන යල්පැන ගිය මතවාද එවැනි තත්ත්වයන් තහවුරු කරලීමට වඩාත් රැකුලක් වී ඇත. ඇය දරුවන් රැකබලා ගත යුතුය; ඔවුන් පෝෂණය කළ යුතුය; සැමියාගේ ලිංගික අවශ්‍යතාවයන් සපුරාලිය යුතුවා මෙන්ම නිවසේ සාමය පවත්වා ගෙන යාමට ද ඇය වගබලා ගත යුතුය යන මනස්කාන්ත චිත‍්‍රය තුළ ස්ත‍්‍රීන් ලෙසින් මෙන්ම තනි පුද්ගලයන් ලෙසින් ද ඇයගේ අයිතිවාසිකම්, ගරුත්වය, අභිලාෂයන්,සිහින සහ අවශ්‍යතාවන් සියල්ල නොසලකා හැර ඇත.

විශේෂයෙන් ම ස්ත‍්‍රීන්ගේ සේවා නියුක්තිය සහ ”වැඩ කිරීම” පිළිබදව සම්මත ද්‍රෂ්ටිකා්ණය සමග ස්ත‍්‍රීවාදී ද්‍රෂ්ටිකෝණයෙන් විමසා බැලීමේදී සමාජය තුළ එය ස්ථාපනය කර ඇති ආකාරය මතභේදයට ලක්ව ඇති කරුණකි. වසර ගණනාවක් මුඵල්ලේ ස්ත‍්‍රීන් සදහා වූ රැකියා සහ ස්ත‍්‍රීන්ගේ රැකියා ඉහළ ගොස් ඇති නමුත් මෙම ස්ත‍්‍රීන්ගෙන් විශාල ප‍්‍රතිශතයක් ශ‍්‍රම බලකායට හෝ ආර්ථීක වශයෙන් ක‍්‍රියාකාරී නොවන ගණයට ඇතුලත්ව ඇත. මෙම සංඛ්‍යා ලේඛන තුළ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය ශ‍්‍රම තක්සේරුව පිළිබද බරපතල ගැටලූ මතු කරයි. රටේ ආර්ථිකයේ සුරක්ෂිතතාව ඇගැයීම සහ ස්ත‍්‍රීන්ගේ වෘත්තීන් තුළ ඇති ව්‍යුහාත්මක සහ ආයතනික බාධාවන් මොනවාද යන්න පිළිබද සොයා බැලීම අවශ්‍යව ඇත.

මෙම ලිපියේ අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස සංක‍්‍රමණික ස්ත‍්‍රීන්, ඔවුන්ගේ ඉදිරි ගමන්මග, රැකියාවන් සහ ආදායම් සීමා කිරීම සදහා පනවා ඇති විශේෂීත ආයතනික බධාවන් වෙත මම අවධානය යොමු කරමි.

පවුල් පසුබිම් වාර්තාව (FBR)

විදේශ රැකියා සදහා ස්ත‍්‍රී සංක‍්‍රමණය 1990 වසරෙන් පසු ඓතිහාසික ලෙස ඉහළ යාමක් දක්නට ලැබුණ අතර 2000 වසරෙන් පසු නැවතත් එය පහළ බැසීමට පටන් ගෙන ඇත. මේවන විට එය [1] සමස්ත සංක‍්‍රමණික විදේශ රැකියා නියුක්තිකයින් ගෙන් 40.3‍% දක්වා පහළ බැස තිබේ. විදේශ රැකියාවන්හි සේවයේ යෙදෙන ස්ත‍්‍රීන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් නිරතවනුයේ නුපුහුණු ගණයේ රැුකියාවල සහ ගෘහසේවිකාවන් ලෙසිනි. [2] ආසන්න වශයෙන් ස්ත‍්‍රී සංක‍්‍රමණිකයින් ගෙන් 88% ක් ගෘහසේවිකාවන් වන අතර මැදපෙරදිග රටවල සේවය කරන බහුතරය ගෘහසේවිකාවන් වේ. [3] සාපේක්ෂ වශයෙන් ගත්කළ විදේශ රැකියාවලින් ලංකාවට ගලා එන ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1 ක් වූ ප‍්‍රමාණයෙන් 60% ක් ගලා එන්නේ [4]මැදපෙරදිග රටවලින් ය. එයට සැලකිය යුතු ප‍්‍රතිශතයක් ගෘහසේවිකාවන් ලෙස සේවය කරන්නන්ගේ ඉපයුම් ඇතුලත් ය.

මෙම ව්‍යුහය තුළ ශ‍්‍රී ලංකා රජය සෘජුව සහ වක‍්‍රව ස්ත‍්‍රීන් විදේශ රැකියාවන්හි නියුක්ත කිරීම සීමා කරමින් සිටී. මෙය සිදුකරන එක් විශේෂිත සැගවුන ක‍්‍රමයක් වනුයේ විදේශ රැකියා සදහා ස්ත‍්‍රීන් නිර්දේශ කරමින් සංවර්ධන නිලධාරීන් විසින් ගොනු කරනු ලබන පවුල් පසුබිම් වාර්තාවයි.

2015 වසරේ [5] විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත්කර ඇති නවතම චක‍්‍රලේඛනයට අනුව ‘වයස අවුරුදු 5ට අඩු ළමයින් සිටින මව්වරුන් විදේශ රැකියාවන් සදහා සංක‍්‍රමණය වීම නිර්දේශ නොකරන’ බවට ප‍්‍රකාශ කරයි. එමෙන්ම ‘වයස අවුරුදු 5 ට වැඩි දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියා සදහා නිර්දේශ කරනු ලබන්නේ එම දරුවන්ගේ සුරක්ෂිතතාවය සහතික කරන්නේ නම් පමණකි.’ [6] එහි ඇතුලත් තවත් නිර්දේශයක් වනුයේ ‘ආබාධිත දරුවන් සිටින මව්වරුන්ට රැකියා සදහා විදේශ ගතවිය නොහැකි’ බවයි. ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වන ස්ත‍්‍රීන් සම්බන්ධව මෙකී සීමාවන් වසර ගණනාවක් මුඵුල්ලේ ක‍්‍රියාත්මක වෙමින් පවතින නමුත් නවතම චක‍්‍රලේඛනය මගින් මෙම නිර්ණායකය රැකියා සදහා විදේශගත වන සියලූම ස්ත‍්‍රීන් සදහා බලාත්මක කර ඇත. අමාත්‍යාංශය විසින් නිකුත්කොට ඇති චක‍්‍රලේඛනයේ කිසිම තැනක ‘පියා’ යන්න සදහන් කර නොමැති අතර ඒ මගින් දරුවන් උදෙසා පියවරුන් සතු වගකීම් සහ යුතුකම් ඉතා සියුම් ලෙස යටපත්කොට ඇත.

මෙවැනි සීමා කිරීම් ආරම්භ වන්නේ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය හේතු කොටගෙන ගොඩනැගෙන පිතෘමූලික භූමිකාවන් ඔස්සේ, නිවසේ මවගේ භූමිකාව රැකබලාගන්නෙක් ලෙසින් සහ පියාගේ භූමිකාව උපයන්නෙක් ලෙසින් ස්ථානගත කිරීම මගිනි. නිවස තුළ ස්ත‍්‍රියට ලබා දී ඇති ස්ථානයට අනුව ළමා අපයෝජන වාර්තාවීමේ සිද්ධීන් ඉහළයාම, සංක‍්‍රමණික සේවකයෙක් වූ මව නිවසේ නොසිටීම සමග සම්බන්ධ කිරීමට උත්සාහ ගෙන ඇත. ”මව ගෙදර නැති විට මෙවැනි දේ සිදුවේ” යනුවෙන් අර්ථ දැක්වීමෙන් ම ළමා අපයෝජන සම්බන්ධයෙන් පහසුවෙන් ම ඔවුන් ඇය මත වරද පටවන්නේ මෙවැනි අපරාධවලට වගකිව යුතු සැබෑ අපරාධකරුවන් නොසලකා හරිමින් ය. එසේත් නොමැති නම් මෙවැනි අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් සහ දරුවන්ගේ යහපැවැත්ම සහතික කිරීම සම්බන්ධයෙන් රජයේ භූමිකාව නොසලකා හරිමින් ය.

ශ‍්‍රී ලංකා රජය මෙම චක‍්‍රලේඛනය නිකුත් කිරීම මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත්ව ඇති ලිංගික වෙනස හේතුකොටගෙන වෙනස්කොට නොසැලකීම (12 වන වගන්තිය) සහ නීත්‍යානුකූල රැකියාවක නිරතවීමට සෑම පුරවැසියකුටම ඇති අයිතිය (14 වන වගන්තිය) උල්ලංඝණය කර ඇත. එමෙන්ම දරුවන් හදාවඩා ගැනීම, ඔවුන්ගේ රැකවරණය සහ ආරක්ෂාව සැපයීමේ සම්පූර්ණ වගකීම ස්ත‍්‍රීන්ගේ උර මත පමණක් පැටවීම මගින් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය ඒකාකෘතීන් සමාජය තුළ තවදුරටත් තහවුරුකොට ඇත.

රජයේ භූමිකාව

දරුවන්ගේ ශාරීරික සහ මානසික යහපැවැත්ම පවත්වාගෙන යාම පිළිබද රජය විසින් ගන්නා ක‍්‍රියාමාර්ග අසාධාරණ අයුරින් ස්ත‍්‍රීන්ගේ ඉදිරි ගමන් මග, සීමාකිරීම්වලට ලක් කරනවා මෙන්ම රැකියාවක නිරත වීමට ඔවුන්ට ඇති අයිතිය උල්ලංඝණය කිරීමක් ද වේ. [7] ගෘහසේවීකාවන් සදහා ඇති රැකියා අවස්ථාවන්ගෙන් 66% ක් ප‍්‍රයොජනයට නොගන්නා බවට මේ වනවිට වාර්තා වී ඇත. එයට එක් හේතුවක් ලෙස දැක්විය හැක්කේ රජය දැනුවත් ලෙසින් ස්ත‍්‍රීන් විදේශ රැකියාවන්හි නිරතවීම වැළැක්වීමට ගන්නා උත්සාහයන් ය. මෙය තමන්ගේ කැමැත්ත මත රැකියාවක නිරත වීෙම් ස්ත‍්‍රියට ඇති අයිතිය උල්ලංඝණය කිරීමකිග මෙවැනි රැකියා සදහා බොහෝ විට ශ‍්‍රී ලංකාවේ දී ලැබෙන වැටුපට වඩා වැඩි වැටුපක් ඔවුන්ට ලැබෙන අතර එම මුදල් බොහෝ විට යොදවනු ලබන්නේ දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ පවුලේ ජිවන තත්ත්වය වැඩි දියුණු කිරීම පිණිස ය. එමෙන්ම ඒ තුළ ආර්ථීක අපහසුතාවන්ගෙන් පෙළෙන මෙන්ම පවුල සහ ප‍්‍රජාව තුළ සහ රජය සමග කේවල් කිරීමේ බලයක් නොමැති සුවිශේෂි පංතියකට අයත් ස්ත‍්‍රීන් වෙනස්කොට සැලකීමකට භාජනය කිරීමක් සිදුවේ.

සංක‍්‍රමණය සහ විදේශ රැකියාවන්හි නිරතවීම තුළ ස්ත‍්‍රීන්ට බොහෝවිට ඔවුන් කිසිකලක අත්නොවිදි අවස්ථාවන්, එනම් වැඩි වැටුප් සහ ආර්ථික ස්ථාවරත්වය, දරිද්‍රතාවයෙන් අත්මිදීම, චාරිකාවන්හි යෙදීම හේතුවෙන් අත්විදින නිදහස මෙන්ම වෙනත් රටවල් පිළිබද අත්දැකීම් ලබා ගැනීමට ඉඩ ප‍්‍රස්තාව සලසා දෙනු ලබයි.

මෙවැනි තත්ත්වයන් තුළ ආන්තික ජන කොටස්වලට අයත් විශාල පිරිසකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා රජයට අතිවිශාල වගකීමක් ඇත. එමෙන්ම ස්ත‍්‍රීන්, ඔවුන්ගේ නිවෙස් තුළ සහ ප‍්‍රජාවේ දී මුහුණ දෙන සීිමාවන් සහ බාධක තවදුරටත් පවත්වාගෙන යාම හෝ නැවත නැවතත් ඒවා ස්ථාපිත කිරීම නොකළ යුතුය.

කෙසේ නමුත් පවුල් පසුබිම් වාර්තාව සහ අදාල ප‍්‍රතිපත්තීන්, දරුවන්ගේ යහපැවැත්ම සහතික කිරීම සහ නීතිය ක‍්‍රියාත්මක කිරීම සහ එය උල්ලංඝණය වන විට ඒ සදහා ක‍්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව රජයේ භූමිකාව කුමක් ද යන්න හදුනාගැනීමට අපොහොසත් වී ඇත. අපරාධකරුවන්ට දඩුවම් දීමේ දී සිදුවන අතිවිශාල ප‍්‍රමාදයන් (වසර 6 දක්වා),[8] යටිතල පහසුකම් සහ ළමා අපයෝජන සිද්ධීන් හැසිරවීම සදහා පුහුණු කාර්යමණ්ඩලවල හිගකම, පවුල, ප‍්‍රජාව සහ පාසල් තුළ කුමන ආකාරයේ ළමා අපයෝජන සිදුවන්නේ ද යන්න පිළිබද සහ ඒ හා අදාළ තොරතුරුවල හිගකම, රැකියා සදහා විදේශගතවන දෙමාපියන් සදහා ආයතනික සහ ප‍්‍රජා උපකාරක පද්ධතියක් නොමැතිකම යනාදී සෑම දෙයක්ම මෙවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඇතිවීමට පරිසරය සැකසීමට දායක වේ.

ඒ සෑම දෙයටමත් වඩා පුරවැසියන්ගේ අයිතීන් උල්ලංඝණය කිරීමෙන් වැළැකී සිටීමට රජයට වගකීමක් ඇත. එමෙන්ම සෑම පුරවැසියෙකුට ම තමන්ගේ අයිතිවාසිකම් නිදහසේ සහ බියක් සැකක් නැතිව භුක්ති විදීම සදහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සහ අන් අය විසින් එම අයිතිවාසිකම් කඩ කරන්නේ නම් ඒ සදහා මැදිහත්වීම ද රජයේ වගකීමක් වේ.

අහිමි පියවරු සහ පුරුෂයින්ගේ වගකීම

අප සමාජයේ වඩාත් වැදගත් ඒකකය ලෙස සලකන්නේ පවුලය. එමෙන්ම බොහෝ රාජ්‍ය ප‍්‍රතිපත්ති නිර්මාණය කර ඇත්තේ මෙම අඩිතාලම මතය. එසේ වුවත් රජය, පවුල තුළ පුරුෂයා විසින් ඉටුකළ යුතු භූමිකාව සහ ළමයින්ගේ පෝෂණය, රැකබලා ගැනීම සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබද පුරුෂයින් සතු වගකීම අඛණ්ඩව මගහරිමින් සිටින්නේ ඇයි ?

රැකියා සදහා විදේශගත වන පුරුෂයින් සංඛ්‍යාව ඉහළයමින් ඇති නමුත් පියවරුන් නිවසේ නොසිටීම දරුවන්ට බලපාන්නේ කෙසේ ද යන්න පිළිබදව රජය සැලකිලිමත් වී තිබේද? රාජ්‍ය ප‍්‍රතිපත්ති තුළ බොහෝවිට පියවරුන් අදෘශ්‍යමානකොට ඇත. ආදයම් උපයන්නාගේ භූමිකාව ඔවුන් වෙත පවරා පියවරුන් ලෙස ඔවුන් සතුව තිබිය යුතු අනන්‍යතාවය සහ එහි ඇති ප‍්‍රමෝදය, යුතුකම් සහ වගකිම්වලින් ඔවුන් බැහැරකොට ඇත.

සැබවින් ම අපට අහිමි වී ඇත්තේ පියවරුන් ය. ඔවුන් පවුලට අහිමි වී ඇත. සමාජයට අහිමි වී ඇත. රාජ්‍ය ප‍්‍රතිපත්තිවලින් මගහැරී ඇත. ලෝකය පිළිබද සාකල්‍ය හැගීමෙන් බලනවිට අප බලාපොරොත්තුවන සංකේතාත්මක පියා ශ‍්‍රී ලංකා සමාජය තුළ සිටීද?

ළමා අපයෝජන සහ ඔවුන්ගේ අනාරක්ෂිත තත්ත්වයන් සම්බන්ධව පවුල් පසුබිම් වාර්තාව යම් ආකාරයකට අනුකූලතාවක් දක්වන නමුත් සැබවින්ම එය ප‍්‍රධාන ගැටලූවලට ආමන්ත‍්‍රණය කරන්නේ ද? මෙම අපයෝජන සිදුකරන්නේ කවුරුන් විසින් ද? අධ්‍යයනයන් සහ ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙන කරුණක් වන්නේ මෙම අපයෝජන සිදුකරන්නේ පුරුෂයින් විසින් බවය. බොහෝ සිද්ධීන්හි අපරාධකරුවන් [9] වින්දිතයා හොදින් දන්නා කියන අයෙකි.

කෙසේ නමුත් ස්ත‍්‍රීන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිදැල්ලේ සිදුවෙමින් පැවතීම තුළ සනාත වන කරුණක් වන්නේ‘ ”පුරුෂයා යනු පුරුෂයා ය’ ඔවුන් කරන ක‍්‍රියාවන්හි වගකීම ඔවුන්ට පැවරිය නොහැකිය යන්න සහ ගැහැනිය තමන්ගේ සහ තම දරුවන්ගේ ආරක්ෂාව සලසා ගත යුතුය යන නිහඩ නීතියයි.

ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුකිරීම සම්බන්ධව පුරුෂයන්ගේ වගකීම යටපත් කිරීම තුළ එම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඒ ආකරයටම අඛණ්ඩව සිදුකිරීමට රජය ඔවුන්ට වක‍්‍රාකාරව අවසර ලබාදී ඇත. 2013 [10] වසරේ කෙයාර් (CARE) ආයතනය විසින් ‘පුරුෂත්වය’ පිළිබදව කරන ලද අධ්‍යයනයට අනුව ඉහළ මට්ටමේ ලිංගික පරමාධිකාරයක් ඇත්තේ පුරුෂත්වය තුළ බව කියයි. එමෙන්ම දඩුවම් ලැබීමෙන් නිදහස් වූ ලිංගික ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුකර ඇත්තේ ද පුරුෂයින් විසින් ය.

ස්ත‍්‍රී ව්‍යාපාරය අඩපන කිරීම අපට අලූත් දෙයක් නොවේ. ස්ත‍්‍රීන්ගේ ලිංගික, ප‍්‍රජනන, සහ ආර්ථීක නිදහස සීමාකිරීම සදහා දීර්ඝකාලයක් මුඵුල්ලේ මෙය පුරුෂයින් සහ රජය විසින් උපායශීලීව ක‍්‍රියාවේ යොදවන ලද්දකි. ආර්ථික නිදහස සහ ස්වාධීනත්වය යන මේ සියල්ලම ස්ත‍්‍රිය වෙත බලය ලබා දේ. එමෙන්ම එය පුරුෂයින් සතුව ඇති බලය පාලනය කරන්නාසේම, ක‍්‍ර‍්‍රමානුකූලව ස්ත‍්‍රිය ද බලසතු කරයි. කෙසේ නමුත් ශී‍්‍ර ලංකා රජය විසින් ගෙන ඇති මෙම පියවර, ලාංකීය සමාජය තුළ ස්ත‍්‍රිය ක‍්‍රමානූකූලව වෙනස්කමට භාජනය කරනවා මෙන්ම පීඩනයට ද පත් කරවන තවත් එක් ක‍්‍රියාමාර්ගයක් බව කිව හැකිය.

[1] Economics and Social Statistics of Sri Lanka 2014, CBSL, Table 3.13

[2] Ibid Table 3.15

[3] Migration profile 13-14

[4] Ibid, pg 33

[5] http://archives.dailynews.lk/2007/03/09/pol10.asp

[6] Ministry of Foreign Employment, Ministerial Circular 2015/1

[7] Migration Profile Sri Lanka, Ministry of Foreign Employment Promotion and Welfare, pg 34

[8] http://www.irinnews.org/fr/report/96361/sri-lanka-child-abuse-cases-stalled

[9] http://www.thesundayleader.lk/2009/10/31/shocking-child-abuse-stats/

[10] Broadening Gender: why masculinities matter, CARE

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s