ඉක්බිති සියල්ලෝ ම සතුටින් ජිවත් (නො)වූහ

(සත්‍ය කතාවක් පදනම් කරගෙන)

කොළඹ, 1973
සදුදා උදෑසනක

ගුවන් විදුලිය ඇගේ ප‍්‍රියතම ගීතය වාදනය කරයි ‘මගේ කුමරුන් එනු ඇත යම් දිනයක ’ – සම්භාව්‍ය කෘතියක් වූ හිම කුමාරි(1937).
ජනෙල් පඩිය මත වාඩිවු ඇය ඔහු එන දිනයට ඇගිලි ගැන්නාය.

SONY DSC

1976

ඇය පැතු දිනය අදයි. ඇගේ දෙපතුල් පිරිමදින්නට ඇගේ කුමරුන් පැමිණ ඇත.
උදෑසන හිරු එළිය ඇගේ දෙකොපුල් රතු පැහැගැන්විය.

SONY DSC

1978
ඔහුගේ ආකර්ශණයේ වේගයෙ තරමට ම මංගල සීනුවේ නාදය බොදවිණ.
විවාහ මංගල්‍යයෙන් සති පහක් ගතව ගොස්ය. සුරංගනා කතාව කොතනකවත් පෙනෙන්නට නැත.

SONY DSC

1979
ඔහු ඇයට පහර දුන්නේය.
දැඩිව.
කුකුල් මස් ව්‍යාංජනය ඔහු කැමති සේ රස නොවූ බැවින්.
ඇය විමසිලිමත් වූවාය. පසුදින උදෑසන කාර්්‍යාලයේ යම් කෙනෙකු ඇගේ සිරුරේ වූ සිරීම් දකී ද?
සැබවින් ම එය ඔවුන් නෙත ගැටිණ.
ඔවුහු ඉවත බලා ගත්හ.

SONY DSC

1980

ඇය දුටු සුරංගනා සිහිනය බොදවිණ. සිිරීම් තවත් අවපැහැගැන්විණ.
‘ගෑනු දහස් ගණන් මේ දේවල් දරා ගෙන හිටියා’ ඇගේ මව ඇයට පැවසුවාය. ඇය ද දැන් දුර්වලකෙනා?
ඉක්බිති ඇය දියණියකගේ මවක් වූවාය. සුඵු මොහොතකට මුඵුමනින් ම ඔහු ඇගේ කුමරා විය.

SONY DSC

1984

මවගේ කෑගැහිල්ලට දරුවා අවදිවිය.
ඇගේ කෑගැසීම වැඩිවන්න වැඩිවන්න ඔහු ඇයට වැරෙන් පහර දුන්නේය.
ඇයට නොහඩා සිටීමට බැරිවිය.
වේදනාව ඒ තරම් දැඩිය. ඔහු වෙනතක යාවී යන බියෙන් ඇය නිතර පසුවිය.
පුංචි ගැහැනු ළමයා ඇගේ ඇද යට සැගවිනි : වැඩිහිටි බව සමග යන පුරුද්ද

SONY DSC

1989
සුරංගනා කතා කියා දෙයක් නැත. කවදාවත් ම තිබීද නැත .
පලායන්නේ කෙසේ ද යන්න ඇය සිතුවායල දියණියත් සමගග නමුත් ඔවුන් කොහේ යන්න ද ?

සැමියා සමග කොන්දේසිවලට එන්න පෙර කාන්තාවන් ලෙස ඇයට යමක් කළ හැකිව තිබු කාලය එය විය හැක.
පිළිගැන්ම අප‍්‍රසන්න වචනයක්, සමහරවිට.

SONY DSC

1990
තවත් පහර දීමකින් ඇය, ඇයව දැන හැදිනගත්තාය , ඇගේ සිතුවිලි සකස් කරගත්තාය.
සැබවින් ම ජිවිතය යනු කුමක් ද? ඇය බේරුම් කරගත්තාය.
‘දශකයන් ගෙවෙන තුරු බලා සිටීම ප‍්‍රමාද වැඩියි’ ඇය සිතුවාය –

‘ ආදරය කියන්නේ මොකක් ද කියලා මම තේරුම් ගත්තා’…..

SONY DSC

….කිසි දා අත්හැර දා යා නොහැකි හිරගෙයකි. අත්නොහරින්නකි .

SONY DSC

2015

අවසානයේ ඇයට පහර දීමට නොහැකි තරම් ඔහු වියපත්ය. කාලය සීරීම් සුවපත් කළාය.

ඇගේ දියණිය ඇය බැහැ දකින්නට එයි. සීරුනු කැළැල් සමග. ඇයට ඒවා හොදින් හුරු පුරුදුය.
ඇයට ඒවා පෙනේ.
නමුත් ඇය ඉවත බලාගත්තාය.

SONY DSC

ඡායාරූප ශීල්පීයා ගේ ප‍්‍රකාශය

ගෘහස්ථ හිංසනය නොහොත් සමීපතමයන් අතර ඇතිවන ප‍්‍රචණ්ඩත්වය වසංගතයක්සේ පැතිරෙමින් පවත, වාදයට බදුන් වූ ගැටඵුවකි.

මේ ලෝකය පුරා, කාන්තාවන් ඔවුන්ගේ නිවෙස් තුළ ම අපචාරයන්ට ලක්වේ. ඔවුන් යටත් කර තබා ගැනීම සදහා ඔවුන්ට පහරදෙයි. පිරිමින් බලාපොරොත්තුවන ආකාරයට ඔවුන් දක්ෂ නොවේ නම් හෝ රැගෙන ආ දායාදය ප‍්‍රමාණවත් නොවී නම්, ඔවුන්ට පහරදෙයි. සමහරවිට සැමියා බීමත්ව සිටි විට හෝ ඔහුට දවසේ කටයුතු හරියාකාරව කරගැනීමට නොහැකි වූවේ නම් බිරිද ට පහර දෙයි. මෙවැනි තත්ත්වයන්ට මැදිහත්වීම සදහා සමහර රටවල් කාන්තාවන් සහ දරුවන් අපරාධකරුවන්ගෙන් වෙන්ව තබා ගැනීම සදහා නිවාස සැපයීම සහ ඉන්පසු ඔවුන් නීතිය ඉදිරියට රැගෙන යාම සදහා ප‍්‍රමාණවත් ක‍්‍රමවේදයන් ස්ථාපනය කොට ඇත.

අප රටට අදාළ ව වෙනස් පසුබිමක් :

ගෘහස්ථ හිංසනය වැළක්වීම පිළිබද ආඥා පනත 2005 වසරේ සිට ක‍්‍රියාත්මක වන නමුත් එය හුදෙක් ගෝලීය අවශ්‍යතාවක් ඉටුකිරිම සදහා පමණක් පවතින්නක් බව පෙනේ. එවැනි සිද්ධීන් වාර්තාවන විට අනුගමනය කළ යුතු ක‍්‍රියාපිළිවෙල කුමක් ද යන්න පනතෙහි කිසිදු තැනක සදහන් ව නැත. වෛද්‍ය නිලධාරීන් වෙත පැමිණෙන මෙවැනි කාන්තාවන් සහ ළමයින්, ආරක්ෂාකාරී රැකවරණයක් තුළ සිටී ද යන්න තහවුරු කරගැනීම සදහා අනිවාර්්‍යයෙන්ම ක‍්‍රියාත්මක වන ආයතනයක් වෙත සි්ද්ධිය පිළිබද වාර්තා කිරීමට, ඔවුන්ට බලකර කියා සිටින නීතියක් නැත. ඒ වෙනුවට එවැනි වින්දිතයන් ධෛර්්‍යයමත් කරනුයේ නැවතත් තමන්ගේ නිවසට ගොස් ආරවුල බේරුම් කර ගන්නා ලෙසය. එසේ කිරීම තුළ ඔවුන් නැවතත් ,තමන් ට ප‍්‍රචණ්ඩකාරී ලෙස සලකන ලද නිවෙස් වෙත යයි. සැමියා සමග අදාළ ගැටලූව පිළිබද නියමයන්ට පැමිණේ. මෙම ඡායාරූපය තුළින් මා විස්තර කිරීමට උත්සාහ ගත් කාන්තාවට ද ඇත්තේ එවැනි කතාන්දරයකි.

එවැනි ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා සිදුවන නිවෙස්හි ජීවත්වන දරුවන් තුළට ද මෙම නොමනා හැසිරීම් රටාව චක‍්‍රීයව ගමන් කරනු ඇත. පුතුන් ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමේ අයිතියට උරුමකම් කියන අතර, ඔවුන්ගේ එම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා භාරගෙන නිහඬව සිටින ලෙස ගැහැණු දරුවන්ට බලකර කියා සිටී. මෙවැනි ආකාරයේ අපරාධ බොහෝවිට වාර්තාගත නොවී යටපත්වන බැවින් ශ‍්‍රී ලංකාව තුළ මෙම ගැටලූව සංඛා්‍යාත්මකව ගණනය කිරීමට අපොහොසත් වි ඇත.

අපේ සංස්කෘතිය නිර්මාණය වී ඇත්තේ අපරාධකරුවන් ප‍්‍රශංසාවට ලක්කිරීමට සහ වින්දිතයන්ට තමා වරදකරුවන්ය යන හැගීම ඇතිවන ආකාරයටය. සමාජය කාන්තාවගෙන් අවනතභාවය ඉල්ලා සිටින විට ඇයට පහර දුන්නායයි ඇය ඒත්තු ගන්වන්නේ කෙසේ ද? ඇගේ පවුල ඇගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් ට අවනම්බු නොකර ජිවත්වන ලෙසය. අන් අය හුදෙක් එය තමාට අයත් නොවූවක් සේ ඉවත බලා ගනී. අපචාර සම්බන්ධ සිද්ධීන් පැමිණිළි කිරීමට කාන්තාවට ධෛර්්‍යය ඇති අවස්ථාවන්වල ඊළගට සිද්ධවන්නේ කුමක් ද යන්න ඇයට පැවසීමට කිසිවෙකුටත් නොහැක. ඇය කොහේ යන්න ද? නිවසක් නැති ගැහැනියකට කුමන ආකාරයේ අනාගතයක් හිමිවේද?

අප සෑම කෙනෙකු ම, පැවත එන්නේ් එක්කෝ ප‍්‍රචණ්ඩකාරි පරිසරයකින. එසේත් නොමැතිනම් දවස පුරාම අසල්වැසියන්ගේ ආරවුල් හඬ අතර ජිවත්වන්නෙක් හෝ තමන්ගේ යාඵු මිත‍්‍රයකු එවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවන නිවසක ජිවත්වන අයෙක් විය හැක. එය සෑම මොහොතක ම සිදුවෙමින් පැවතියත් අප පුරුදුව ඇත්තේ එය නොසලකා හැරීමට හෝ එවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඔවුන්ගේ හැසිරීම්වල අනිවාර්්‍යයෙන් පැවතිය යුතු තත්ත්වයක් ලෙස සැලකීමටය.

අප අතරින් කීදෙනෙක් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නතර කිරිමට කිසියම් ම හෝ දෙයක් කර ඇත්ද?
අප අතරින් කීදෙනෙක් එය නොසලකා හැර ඇත්ද? එවැනි දේවල් සිදුනොවන ලෙස හගවා ඇත්ද?

අපි අපේ දියණියන්ට සුරංගනා කතාන්දර විශ්වාස කරමින් වැඩෙන්නට ඉඩහරින්නේ ඇයි?
අපි අපේ පුතුන් ගැහැණියට වඩා ඔවුන් ශ්‍රේෂ්ඨය යන හැගීමෙන් වැඩෙන්නට ඉඩහරින්නේ ඇයි?

තමන්ගේ අඩුපාඩු නිවරදි කරගන්නා ලෙස අප රජයට බලකර කියා නොසිටින්නේ ඇයි?
ඉවත බලා ගැනීම සම්බන්ධව අප සියලූ දෙනා ම වග විය යුතු නොවෙමු ද?

 

නැටලි සොයිසා
2015 නොවැම්බර්, කොළඹ
හැඩගැන්වීම : ක‍්‍රිස්ටිනා බි‍්‍රටෝ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s