‘පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් 94% ලිංගික හිංසනයට’ – Sri Lanka Mirror

උපුටාගැනීම: Sri Lanka Mirror

කාන්තාවන්ගෙන් 94% ක් පොදු ප්‍රවාහන සේවාවන්වල ගමන් කරද්දී ලිංගික හිංසනයට ලක්වන බවට අණාවරණය කරගෙන ඇතැයි කාන්තාව හා මාධ්‍ය සමුහිකය ප්‍රකාශකරයි.

පොදු ප්‍රවාහණ සේවය තුළ සිදුවන ලිංගික හිංසනය ශ්‍රී ලංකාවේ අප කවුරුත් දන්නා ගැටලූවක් බවට පත්ව ඇත.

තනියම ගමන් බිමන් යාම, රථය තුළ නින්දයාම, අධික සෙනග සහ ලිංගික ආක්‍රමණයට එරෙහිව විරෝධය නොපෑම වැනි සාධක පොදු ප්‍රවාහන සේවා තුළ ස්ත්‍රීපුරුෂ සමාජභාවය හේතු කොට ගෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදුවීමට දායකවනබව හදුනාගෙන ඇතැයි ද එම සංවිධානය පවසයි.

දින 16 යේ විරෝධතා ක්‍රියාමලාව සදහා සිබිල් වෙත්තසිංහයන් විසින් ඉදිරිපත් කරන ලද නිරූපණයන්හි නිදර්ශනය තුළින් පෙන්නුම් කිරීමට උත්සාහ ගන්නේ පොදු ප්‍රවාහන සේවාව තුළ බහුලව සිදුවන එවැනි හිංසනයකි.

මෙහිදී වින්දිතයා සහ ඇය වටා සිටින අයගේ විශිෂ්ට ප්‍රතිචාර තුළ වැරදිකරුවා අපහසුතාවයකට පත්කොට ඇති අතර එවැනි ප්‍රතිචාර බොහෝවිට වැරදිකරුවන්ට අනාගතයේ දි එවැනි ක්‍රියාවලින් වැළකී සිටීමට මූලික විය හැකි බවද කාන්තාව හා මාධ්‍ය සමුහිකය අවධාරණය කර සිටි.

මෙම නිදර්ශනය නිර්මාණය කරන ලද්දේ ”පෝකස් වුමන්” සමග සහයෝගිත්වයෙනි.

සබැඳි පුවත්

‘කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදකිමු’

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s