ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප්රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව දින 16 යේ ජාත්‍යන්තර ක්රියාමාලාව, කාන්තා ගෝලීය නායකත්ව මධ්‍යස්ථානයේ අනුග්‍රහය තුළ පළමුවන කාන්තා ගෝලීය නායකත්ව ආයතනය විසින් 1991 වසරේ ආරම්භ කරන ලද්දකි. එහි ක්‍රියාකාරීන්, කාන්තාවට එරෙහිව සිදුකරන ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධව ජාත්‍යන්තර දිනයක් නම් කළ අතර ඒ සදහා නොවැම්බර් 25 වන දින තෝරා ගන්නා ලදි. එමෙන්ම ස්ත්‍රියට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ මානව අයිතිවාසිකම් සංකේතාත්මකව සම්බන්ධ කිරීම අරභයා සහ එවැනි ප්රචණ්ඩ ක්‍රියා මානව හිමිකම් කඩ කිරිමක්ය යන්න අවධානය කිරිම සදහා දෙසැම්බර් 10 වන දින ”ජාත්‍යන්තර මානව අයිතාවාසිකම් දිනය” ලෙස තෝරා ගන්නා ලදි. මෙම දින 16 යේ කාල පරාසය තුළ එනම් නොවැම්බර් 29 වන දා ”ජාත්‍යන්තර කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරිමේ දිනය” ද , දෙසැම්බර් 1 වන දා ජාත්‍යන්තර ඒඞ්ස් දිනය සහ දෙසැම්බර් 6 වන දිනට යෙදෙන මොන්ට්‍රියල් සංහාරය සැමරීම වැනි ඉතා වැදගත් සැමරුම් කීහිපයක් ද ඇතුලත්ව ඇත.
ලොව පුරා වෙසෙන තනි තනි පුද්ගලයන් මෙන්ම පුද්ගල කණ්ඩායම් මෙම දින 16 කාලසිමාව තුළ පහත සදහන් කාර්ය්යන්හි නිරත වෙමින් ස්ත්‍රියට එරෙහිව සිදුකරන සියඵම ආකාරයේ ප්රචණ්ඩ ක්‍රියා තුරන් කිරිම සදහා හඩක් නැගීමට සංවිධානගත වේ.
- ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප්රචණ්ඩ ක්‍රියාවන් මානව අයිතිවාසිකම් කඩකිරිමක්ය යන්න ප්‍රාදේශීය, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් දැනුවත් කිරිම
- කාන්තාවන්ට එරෙහිව සිදුකරන ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධව ප්‍රාදේශීය මට්ටමින් සිදුකරන වැඩසටහන් ශක්තිමත් කිරිම
- කාන්තාවන්ට එරෙහිව සිදුකරන ප්රචණ්ඩ ක්‍රියා තුරන් කිරිම සදහා ප්‍රාදේශීය සහ ජාත්‍යන්තර සිදුකරන ක්‍රියාකාරකම් අතර පැහැදිළි සම්බන්ධතාවයක් ගොඩනැගීම.
- නව පළදායී උපාය මාර්ග ගොඩනැගිමට සහ ඒම උපාය මාර්ග අන් අය සමග බෙදා ගැනීම සදහා සංසද ගොඩනැගීම
- ස්ත්‍රියට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව සංවිධානගත වීම තුළින් ලොවවටා සිටින කාන්තාවන් ගේ එක්සත් කම පෙන්වා දීම
- ස්ත්‍රියට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියාවන් මැඩපැවත්වීම සදහා රජය විසින් දී ඇති පොරොන්දු ක්‍රියාත්මක කිරිම සදහා රජයට බලපෑම් කිරිම