කාන්තාවට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියාවන් ශ්‍රි ලංකාව තුළ ඉතා බහුල ලෙස දක්නට ඇත. ස්ත්‍රි දුෂණ, ලිංගික අතවර, ගෘහස්ථ හිංසනය, ව්යාභිචාරයන්, පහරදීම්, අසභ්‍ය ක්‍රියාවන්, වරදෙහි පෙළඹවීම්, බලහත්කාර ලෙස අසභ්‍ය ඡුායාරූප හෝ වීඩියෝපට සදහා යොදා ගැනීම,බලහත්කාර ලෙස ගණිකා වෘත්තියේ යෙදවීම, මාධ්‍යයන් හරහා සිදුකරන අඩන්තේට්ටම් මේ ආදී නොයෙක් අකාරයට අප සමාජය තුළ එය සිදුවෙමින් පවතී. රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශයන් සහ සිවිල් සමාජය මේ සම්බන්ධව ඉතා අවධානයෙන් සිටින අතර එවැනි සිදුවීම් වළක්වාළීමට නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නා සේම එවැනි සිදුවීම් වලට මුහුණ දුන් වින්දිතයන්ට සහන සලසාදීමටද කටයුතු කරමින් සිටී. මෙවැනි අවධානයක් තිබියදී පවා දිගින් දිගමට අප සමාජය තුළ පෞද්ගලික මෙන්ම පොදු ස්ථාන වලදී කාන්තාවට එරෙහිව නොයෙකුත් ප්රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් පවතින අතර එයින් හැගීයන්නේ එවැනි ක්‍රියා වළක්වා ගැනිමට ගන්නා ක්‍රියාමාර්ග සහ පිළියම් ප්‍රමාණවත් නොවන බවයි.
ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප්රචණ්ඩ ක්‍රියා ගත් කළ එය පොදු ස්ථාන වලදී සිදුවන ලිංගික අතවරවල සිට, අප්රසිද්ධියේ තමන් ගේ නිවසේ හෝ සේවය කරන ස්ථානයේ සිදුවන ප්රචණ්ඩ ක්‍රියා දක්වා පුඵුල් පරාසයක් තුළ සිදුවෙමින් ඇත.
දැනට ඒත්තු ගොස් ඇති කරුණක් වන්නෙ ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප්රචණ්ඩ ක්‍රියා පිළිබද ක්‍රියාත්මක විමේ බලය ඇත්තෙ කාටද සහ කුමන කණ්ඩායමට ද යන්න තීරණය කිරීමේ දී එය ආර්ථික බලයට සිමා නොවන අතර වඩාත් මුල් බැස ගත් මතය වි ඇත්තෙ සමාජ බලය සහ එම බලය ළගා කර ගැනීමේ ධුරවලියයි.
මේ ආකාරයට ස්ත්රිපුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප්රචණ්ඩ ක්‍රියා පිළිබද සංකල්පය ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් ගනී. එනම් අසීමිත බල සම්බන්ධතා සමාජය සතු කිරිමේ ක්‍රියාවලිය හේතු කොට ගෙන ඇතිවන ප්රචණ්ඩ ක්රි්රයා සහ කාන්තාවට එරෙහිව සිදුවන ව්යුහාතත්මක ප්රචණ්ඩ ක්‍රියා නිසා ස්ත්‍රි පුර්ෂ සමාජ භාවය හේතු කොට ගෙන සිදුවන වෙනස් කොට සැලකීම්. උදාහරනයක් ලෙස සන්නද්ධ ගැටුම් හී ප්‍රතිපලයක් ලෙස කාන්තාවට එරෙහිව සිදුවන ප්‍රචණඩ ක්‍රියාවන්හි බලපෑම.