දේශපාලනයෙහි කාන්තාව – සිබිල් වෙත්තසිංහ

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ කිසිදිනක කාන්තා නියෝජනය 6% කට වඩා ඉහළ ප්‍රතිශතයක් නොවූ අතර දැනට 225 ක් වූ සම්පූර්ණ පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් 4.8% ක් එනම් 13 දෙනෙක් කාන්තාවන් ය. මෙම සංඛ්‍යා ලේඛන දෙස බලනවිට දකුණු ආසියාවේ රටවල් අතර පාර්ලිමේන්තුව තුළ අඩුම කාන්තා ප්‍රතිශතයක් නියෝජනය වන රටවන්නේ ශ්‍රී ලංකාවයි. දකුණු ආසියාවේ කාන්තාවට ජන්ද අයිතිය ලබා දුන් මුල්ම රට ශ්‍රී ලංකාවයි. ඒ 1931 වසරේදීය.

1960 වර්ෂයේ දී රටේ නායකයා ලෙස කාන්තාවක් තේරි පත්වූ ලෝකයේ මුල්ම රට ශ්‍රී ලංකාවයි. ව්‍යවස්ථාව තුළ ලිංගිකත්වය පදනම් කරගෙන සමාන ලෙස සැලකීම සහතික වන බැවින් දේශපාලන පදවි තුළට තේරි පත්වීමට කාන්තාවට පිරිමින්ට මෙන් සමාන අයිතියක් ඇත. එමෙන්ම සියලූම දේශපාලන තලයන්හී පුර්ෂයන් හා සමානව නියෝජනය කිරීමට කාන්තාවට ඇති අයිතිය ප‍්‍රකාශ කරන ස්ත්‍රීන්ට එරෙහිව සියලූම ආකාර වෙනස්කම් පිටුදැකීමේ සම්මුතියට (CEDAW) 1981 වසරේ සිට ශ්‍රී ලංකාව ද පිළි ගන්නා ලදි. එය සහතික කරගතයුතු සහ සාක්ෂාත් කරගතයුතු වැදගත් අයිතියකි. ස්ත්‍රීපුර්ෂ සමාජභාවය පිළිබද සංවේදීභාවය ඇති කිරීම සදහා සහ ස්ත්‍රීපුර්ෂ සමාජභාවය හා අදාළ ව්‍යවස්ථා සම්පාදනය පිළිබද සහතික වීම සදහා කාන්තාව පාර්ලිමේන්තුව තුළ සීටීම තවත් පැත්තකින් වැදගත් වේ.

ස්ත්‍රීපුර්ෂ සමාජභාවය පදනම් වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිවීමේ දින 16යේ විරෝධතා ක්‍රියාමාලාවේ අවසාන දිනය වන අද අපි ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් දිනය සමරමු. පිරිමින් සහ කාන්තාවන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තුළ, 2005 වසරේදි ගෘහස්ථ හිංසනය වළක්වාලීමේ නීති පද්ධතිය විවාදයකින් පසු නීතිගත කිරීමට හැකි වූ බව විශේෂයෙන්ම මෙම දිනයේදී අපි සිහිපත් කරමු.

ගෘහස්ථ හිංසනයට මුහුණ දුන් කාන්තා වින්දිතයන් බොහෝ දෙනෙකුට රැකවරන නියෝගයන් ලබා ගැනීමට සහ නිවෙස්වලදී සහ සමීපතමයන් අතරේ දි කාන්තාවට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබදව තවදුරටත් සංවාදයක් ගොඩ නැගීමට ද මෙම පනත උපකාරි විය. කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස කාන්තාවට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව සම්පූර්ණ සධාරණත්වයක් සහතික කිරීම සම්බන්ධව අප තවමත් සිටින්නේ බොහෝ දුරකින්ය.ලිංගික අපරාධ, ලිංගික හිංසනය සහ ව්‍යභිචාරය සදහා දඩුවම් ලබා දීම සදහා වඩාත් ප්‍රතිපල දායක ප්‍රතිසංස්කරණයන් කිහිපයක් 1995 වසරේ දි පාර්ලිමේන්තුව දණ්ඩ නීති සංග්‍රහයට එකතු කරන ලදි.

කෙසේ නමුත් මේ වසර කිහිපය අතරතුර පැහැර ගෙන ගොස් දුෂණය කොට අමානුෂික ලෙස මරා දමන ලද ක්‍රිෂාන්ති කුමාරස්වාමි සහ සේයා සදෙව්මි වැනි ඛෙදජනක සිද්ධීන් මෙන්ම කාන්තාව අත්විදි වාර්තාගත වූ සහ වාර්තාගත නොවූ අප්‍රමාණ ප්‍රචණ්ඩකාරි සිදුවිම් පිළිබද සාක්ෂි ඇත. පාර්ලිමේන්තුව තුළ වැඩි කාන්තා නියෝජනයක් තිබිය යුතුය යන්න එත්තු ගැන්වීමට අප දරන උත්සාහයට එක් හේතුවක් වන්නේ මෙයයි. මේ තුළින් ස්ත්‍රීපුර්ෂ සමාජභාවය පිළිබද සංවේදී නීති පද්ධතීන් නීතිගත කිරිමට සහ කාන්තාවන්ට ගෞරවාන්විත සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් තොර නිදහස් ජිවිතයක් ගත කිරීම සදහා සාධනීය ක්‍රියාමාර්ග ගැනීමට හැකිවනු ඇත.

චිත්‍ර – සිබිල් වෙත්තසිංහ

දින 16 යේ ක්‍රියාමලාව සදහා කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් නිකුත්කරන ලද පණිවිඩය

300-2

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s