ස්ත‍්‍රි පුර්ෂ සමාජ භාවය හේතු කොට සිදුවෙන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා යනු කුමක් ද?

ස්ත‍්‍රි පුර්ෂ සමාජ භාවය හේතු කොට සිදුවෙන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් යනු කාන්තාවන්හට පිරිමින් හා සමාන ලෙස අයිතිවාසිකම් සහ නිදහස භුක්ති විදීමේ ඉඩකඩ වැළක්වීම තුළ ඇයව වෙනස් කොට සැලකීමට ලක් කිරිමයි.

පොදු ජාත්‍යන්තර නීතින් මෙන්ම මානව අයිතිවාසිකම් සම්මුතීන් යටතේ ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය හේතු කොට ගෙන කාන්තාව මුහුණ දෙන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තුළ ඇයගේ මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස භුක්ති විදීමේ අයිතිය අහෝසි කර දමා ඇති අතර, කාන්තාවට එරෙහිව සිදුවන සිය`ඵම ආකාරයේ වෙනස් කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතියේ (CEDAW) 1 වන වගන්තිය මගින් එම අයිතිය තහවුරු කොට ඇත.

කාන්තාව පිරිමින්ට වඩා පහත්ය යන සම්ප‍්‍රදායික ආකල්පය මෙන්ම ඇය විසින් ඉටුකරන ලබන ඒකාකෘති භූමිකාවන් ද සමාජය තුළ සිදුවන විවිධාකාර වූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට එනම් බලහත්කාරකම්, ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය, අපචාර, බලහත්කාරව සිදුකරන විවාහයන්, දායදය අයිතිකර ගැනීම, කාන්තා සුන්නත් කිරිම් කෙරෙහි වගකිය යුතුය. කාන්තාව ආරක්ෂා කිරිමට සහ ඇයව පාලනය කිරිම ස`දහා එවැනි අවිචාර ආකල්ප සහ භාවිතයන් සමාජය තුළ පැවතිය යුතු අත්‍යාවශ්‍ය සාධකයන්ය යන්න සමාජය විසින් සාධාරනීය කොට ඇත. එවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ගේ ශාරීරික සහ මානසික බලපෑම හේතු කොට ගෙන කාන්තාවට සමාන අයිතිවාසිකම් අහිමිවී වනවා මෙන්ම ඇයගේ මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස භුක්ති විදීම සහ ඒ පිළිබද දැනුවත්භාවය ද අහිමි වනු ඇත.

Leave a comment